Search

අඛණ්ඩව 5 වන වරටත් චෙස් ශූරයා බවට Magnus Carlsen පත් වෙයි

2024 Champions Chess Tour හි ශූරතාවය දිනා ගැනීමට Magnus Carlsen නැවත වරක් සමත් වී තිබෙනවා.

ඒ අනුව පිට පිට පස් වතාවක් Champions Chess Tour හි ශූරයා බවට පත් වීමට Magnus Carlsen සමත් වීම ද කැපී පෙනෙනවා.

ශූරතාවය වෙනුවෙන් ඔහුට $ 200,000 ක මුදල් ත්‍යාගයක් හිමි ව තිබෙන බව ද සදහන්.

ග්‍රෑන්ඩ් මාස්ටර් තත්වය පසුවන Magnus Carlsen අවසන් මහා තරගයේ දී ග්‍රෑන්ඩ් මාස්ටර් තත්වයේ පසුවන Ian Nepomniachtchi පරාජයට පත් කිරීමට සමත් වුණා.

එම ජයග්‍රහණය සටහන් වූයේ තරග වට 4 – 1 ක් ලෙසයි.

නෝර්වීජියානු ජාතිකයෙකු වන 34 හැවිරිදි Magnus Carlsen මේ වනවිට චෙස් ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානයේ සිටීම ද කැපී පෙනෙනවා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »