Search

ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකින් හදිසි සේවා දැනගන්න නව App එකක්

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් හදිසි අවස්ථාවන් දැනුම් දීම සදහා නව යෙදවුමක් (App) හදුන්වා දී තිබෙනවා.

“Emergency WA” නමින් හදුන්වන මෙම නව යෙදවුම ප්‍රාන්තයේ කලාප 10 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි.

මේ හරහා හදිසි අවස්ථාවන් සම්බන්ධව නිකුත් කරන අනතුරු ඇඟවීම් ඔස්සේ පරිශීලකයන්ට Triple – Zero හදිසි ඇමතුම් අංකය සමඟ සම්බන්ධ වීමේ අකාවශය හිමි වීම ද විශේෂත්වයක්.

මෙම නව යෙදවුම WA වෙබ් අඩවියට සමාන වුවද ක්‍රියාකාරීත්වය අතින් ඊට වඩා දියුණු තත්වයක පවතින බවයි සැලකෙන්නේ.

ඉදිරි දිනවල දී ප්‍රාන්තය තුළ ඇති විය හැකි ලැව් ගිනි තත්වයන් හේතුවෙන් මෙම නව යෙදවුම ඉතාමත් ඵලදායී බවයි පැවසෙන්නේ.

මේ අතර නොවැම්බර් 01 වෙනිදා සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ ලැව් ගිනි 1056 ක් පමණ වාර්තා වී තිබෙන බවද වැඩිදුරටත් සදහන්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »