පිළිකා රෝගයට එරෙහිව එන්නතක් නිපදවීමට රුසියාව සමත්වී තිබෙනවා.
එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදා හරින බවයි රුසියා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එන්නත ලබන වසරේ මුල් භාගය වන විට රෝගීන් සඳහා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
එය නිපදවා ඇත්තේ පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගය ඇතිවයි.
එන්නත සායකින අත්හදා බැලීම් මගින් පිළිකා මර්දනයට සාර්ථක විසඳුමක් බව තහවුරු කර ගැනුනා.
ශතවර්ෂයේ සොයාගැනීම යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස රුසියානු රජය තමන් විසින්ම පිළිකා මර්ධනයට නිපදවූ එන්නත හදුන්වා දෙනවා..
මේ එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.
mRNA (එම් ආර් එන් ඒ) එන්නත මිනිස් සෛලවලට ප්‍රෝටීනයක් හෝ වෛරසයට සමාන ප්‍රෝටීන් කැබැල්ලක් සෑදීමට අවස්ථාවක් ලබා දෙනවා.
එවිට ප්‍රෝටීන් මිනිස් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කර මෙලෙස පිළිකා වර්ධනය මර්දනය කරනු ඇතැයි සදහන් කෙරෙනවා.
මේ වසර මුලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අදහස් දක්වමින් පවසා තිබුණේ “අපි පිළිකා මර්දනය වෙනුවෙන් නව ප්‍රතිශක්තිකරණ ඖෂධ නිර්මාණය කිරීමට ඉතා ආසන්නව සිටිමු” ලෙසයි.