ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යෝජිත ප්‍රඥප්තියක් යටතේ ගුවන් ගමන් අවලංගු කිරීම් හෝ ප්‍රමාදයන් හේතුවෙන් අපහසුතාවයට පත්වන ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් කඩිනමින් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් බාධා හේතුවෙන් පීඩාවට පත් පාරිභෝගිකයින් සවිබල ගැන්වීම මෙහි අරමුණ බව සදහන්.
මේ සදහා ගුවන් සේවා හිමිකම් ප්‍රඥප්තියක් කෙටුම්පත් කිරීමටයි ෆෙඩරල් රජය කටයුතු කර ඇත්තේ.
නව ප්‍රඥප්තිය යටතේ ගුවන් ගමන් අවලංගු කරන ලද ඔස්ට්‍රේලියානුවන්ට වවුචර නොව සම්පූර්ණ මුදල් ආපසු ලබා දිය යුතු අතර පැය තුනකට වඩා ප්‍රමාදයක් අත්විඳින සංචාරකයින්ට විකල්ප ගුවන් සේවා වෙන්කරවා ගැනීමට උපකාර කළ යුතු බව නව කෙටුම්පතේ සදහන්.
ගුවන් ගමන අවලංගු කළහොත් දින 14ක් ඇතුළත සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමට අදාළ ගුවන් සමාගමට සිදුවනු ඇති.
මීට අමතරව ගුවන් ගමන් ප්‍රමාදයන් සිදුවන අවස්ථාවන් හි අවශ්‍ය ඕනෑම ආහාර වේලක් හෝ නවාතැන් පහසුකම් සංචාරකයින්ට අවශ්‍ය ලෙස ලබා දිය යුතු බව ද සදහන් කර තිබෙනවා.
නැතිවූ ගමන් මලු නොමිලයේ ආපසු එවිය යුතු බවටද නව ප්‍රඥප්තියේ සදහන් වනවා.