
pogo stick jumping ක්‍රීඩාවෙන් නව ගිනස් ලෝක වාර්තාවක් තැබීමට 12 හැවිරිදි ක්වින්ස්ලන්ඩ් දරුවෙකු සමත්ව තිබෙනවා.
Lachlan Racovalis නම් ඔහු අවුරුදු 6 සිට pogo stick jumping ක්‍රිඩාවේ නිරතව ඇති බව සදහන්.
මිනිත්තුවක් තුළ pogo stick පැනීම් වාර 187ක් සම්පූර්ණ කරමින් ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබුණා.
මීට පෙර 16න් පහළ වයස් කාණ්ඩයේ මෙම වාර්තාව පිහිටු දරුවා මිනිත්තුවක් ඇතුලත pogo stick පැනීම් වාර 172ක් සම්පූර්ණ කළ අතර අතර Lachlan එම වාර්තාව බිද දැමීමට පසුගිය දා සමත් වුණා.

ඔහු මෙම වාර්තාව තැබුවේ මෙම වසරේ ජුනි මාසයේදී වන නමුත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයක් ගත වුණා.
Lachlan ඔටිසම් රෝගයෙන් ජීවත් වන අතර ඔහුගේ මව පැවසුවේ ඔහු සෑම විටම දැඩි අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවයි.
