Search

Vanuatu හි සිරව සිටි ඔස්ට්‍රේලියානුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

ප්‍රබල භූකම්පන තත්වයන්ට දෙකකින් පසු  Vanuatu හි සිරව සිටි ඔස්ට්‍රේලියානුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අතරමංව සිටි ඔට්‍රේලියානුවන් බේරා ගැනීම සඳහා වාණිජ ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Vanuatu හි ප්‍රභල භූ කම්පන තත්ව හමුවේ අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති අතර  තවත් සිය ගණනක් තුවාල ලබා තිබුණා.

ප්‍රබල භූකම්පන සිදුවන අවස්ථාවේ දී Vanuatu හි ඔස්ට්‍රේලියානුවන් 600ක් පමණ සිට ඇති බවට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමක් සිදුකර ඇති බව සදහන්.

ඒ අනුව රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ (RAAF) ගුවන් යානා වනුවාටු අගනුවර වන පෝට් විලා හි ක්‍රියාත්මක වන මානුෂීය මෙහෙයුමේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියානු පුරවැසියන් මුදවා ගැනීමට සමත්වුණා.

මේ වන විට ගුවන් ගමන් වාර අටකින් ඔස්ට්‍රේලියානුවන් 588 දෙනෙකු බ්‍රිස්බන් වෙත රැගෙන ගොස් ඇති අතර අවසන් ගුවන් ගමන් දෙක අද ක්‍රියාත්මක වනවා.

ආපදා සේවා සදහා පුද්ගලයන් 64 දෙනෙකුගෙන් යුත් ආපදා සහන ප්‍රතිචාර කණ්ඩායමක්, සුනඛයින් දෙදෙනෙකු, පුද්ගලයන් හය දෙනෙකුගෙන් යුත් වෛද්‍ය ආධාර කණ්ඩායමක්, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

Vanuatu වෙත ඔස්ට්‍රේලියාවෙන් යොමුකර තිබුණා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »