Search

වික්ටෝරියා ලැව්ගිනි තවත් දරුණු වෙයි ජනතාවට අවදානයෙන් ඉන්නැයි උපදෙස්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පැතිර යන ලැව් ගිනි තත්වය හේතුවෙන් එම ප්‍රදේශවල හදිසි අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

ලැව්ගිනි තත්වය පාලනයකින් තොරව ව්‍යාප්ත වන අතර මේ වන විට හෙක්ටයාර 34000ක් පමණ විනාශ වී ඇති අතර පැය විසිහතරක් තුළ ලැව්ගිනි තත්වය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන භටයින් 300 කටඅධික සංඛ්‍යාවක් ලැව්ගිනි පාලනය සදහා අවදානම් කලාප වෙත යොමුව ඇති බව සදහන්.

ඒ අනුව ලැව් ගිනි තත්වය මේ වනවිට Grampiand ජාතික වනෝද්‍යාන කලාපයේ සිට උතුරු දිශාවෙන් Halls Gap දෙසට ගමන් කරන බවයි දැක්වෙන්නේ.

ඒ අවට ප්‍රදේශවල සිටින අයට වහාම පිටව යන ලෙසයි හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

මේ හේතුවෙන් Belfield, Belfield Settlement, Flat Rock Crossing, Fyans Creek, Gampians Junction සහ Halls Gap ඇතුලු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් එම ස්ථානවලින් ඉවත් වන ලෙස බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

එසේම එම ප්‍රදේශවලින් දැනටමත් පිටව ගොස් සිටින වැසියන් ට එම ප්‍රදේශ වෙත නැවත නොපැමිණෙන ලෙසයි බලධාරීන් විසින් අනතුරු අඟවා ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »