2024 බංගලාදේශ ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් තරගාවලියේ (YONEX-SUNRISE Bangladesh International Challenge 2024 ) පිරිමි කේවල අංශය රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ විරේන් නෙත්තසිංහ සමත් වී තිබෙනවා.
ඒ අවසන් මහා තරගයේදී කැනඩාවේ ෂියා ඕදොං ෂෙන්ග් තරග වට 2 – 0 ක් ලෙස පරාජයට පත් කරමින් වීම ද විශේෂත්වයක්.
විරේන් විසින් අවසන් පූර්ව තරග වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 58 වන ස්ථානයේ පසුවන ලී ඩුක් පාට් තරග වට 2 – 0 ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් මෙම තරගාවලියේ පිරිමි කේවල අංශය ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.