Search

ජනවාරි 01 සිට ඔස්ට්‍රේලියා Student Visa අයදුම් කිරීමේ ලොකු වෙනසක්

ජනවාරි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයදුම්පත් භාරගැනීමේ ක්‍රියාවලියට කැපී පෙනෙන වෙනස් කම් කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

ඉදිරියේදි Student Visa අයදුම් කිරීමේ දී “Letter of Offer” තමන් විසින්ම ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවේ සිට Student visa අයදුම් කරන ඕනෑම කෙනෙක් (Confirmation Of Enrolment) අධ්‍යාපන පාඨමාලාවට ලියාපදිංචි වීම තහවුරු කිරීමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇති.

මෙම නීති බලාත්වක වන්නේ ජනවාරි 1 වනදා සිට අයදුම් කරන Student Visa සදහා පමණක් බලාත්මක වන බවයි වාර්තා වන්නේ.

ජනවාරි 1ට පෙර අධ්‍යාපන අයතනයක් මගින් Offer Letter එකක් පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වනු ඇති.

Confirmation Of Enrolment නොමැතිව ඉදිරිපත් කරන අයදුම්පත් ජනවාරි පළමුවනදා සිට වලංගු අයදුම්පතක් වන්නේ නැහැ.

වීසා නිලධාරින් COE රහිත අයදුම්පත් කිසිසේත්ම සලකා බැලීමක් සිදු නොකරන බව සදහන්.

COE නොමැතිව Student Visa ඉදිරිපත් කිරීමේදි තම සහකරු හෝ සහකාරිය වෙනුවෙන් වීසා ඉල්ලුම් කලද එම අයදුම්පත් ද ප්‍රතික්ෂේප වෙනු ඇති.

අධ්‍යාපනය සදහාම පමණක් සිසුන් ගෙන්වා ගැනීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව සදහන් කර තිබෙනවා.

ආරක්ෂක කටයුතු හෝ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් අනුව Student visa යටතේ ගෙන්වා ගැනෙන සිසුන්ට මෙම නිති බලාත්මක වන්නේ නැහැ.

ෆෙඩරල් රජය පවසන්නේ නිසි නීතිමය රාමුවක් යටතේ මෙම වීසා කොන්දේසි වලට අවනත විය යුතුබවද සදහන්.

දැනටමත Student visa ඉන්න සිසුන් වීසා කාලසීමාව අවසන්වීමට ආසන්න නම් හා COE ඉදිරිපත් කිරීමට නොහැකි වන්නෙ නම් වෙනත් visa කණ්ඩයක් වෙත මාරු වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »