
වික්ටෝරියා ප්‍රාන්තය තුළ වසරේ වැඩි වශයෙන් ගැටුම්කාරී සිදුවීම් වාර්තා වන දින අතුරින් එකක් ලෙස නත්තල් දිනය (දෙසැම්බර් 25) නම් කර තිබෙනවා.
ඒ අනුව නත්තල් දිනය තුළ පවුල් ප්‍රචණ්ඩත්වය වැඩි වශයෙන් සිදු වන බවයි පොලිස් දත්ත වාර්තා හරහා පෙන්වා දෙන්නේ.
වික්ටෝරියා පොලිස් දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී ඇත්තේ නත්තල් දිනයේ සිදුවන පවුල් ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් 33% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් 25 වනදා පමණක් පොලිස් නියෝග කඩ කිරීමේ සිදුවීම් 91 ක් සහ පහරදීම් 79 ක් පමණ වාර්තා වී තිබීම ද විශේෂත්වයක්.
මේ අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රාන්තය පුරා පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ක්‍රියාකාරකම් 8668 ක් පමණ සිදුවී ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් උත්සව සමයේදී ක්‍රියාකාරී මුර සංචාර සෝදිසි කිරීම් ක්‍රියාත්මක කරන බවයි Family Violence Command Assistant Commissioner ලෝරන් කැලවේ විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.