උත්සව සමයේදී සුරතල් සතුන්ට මුහුණ දීමට සිදුවන ගැටළු සම්බන්ධයෙන් සතුන්ගේ හිමිකරුවන් වෙත දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.
මෙහිදී සුරතල් සතුන්ට ඔවුන්ගේ සුපුරුදු ආහාර වේල වෙනුවට මිනිසුන් පරිභෝජනය කරන සතුන්ට නුපුරුදු ආහාර පාන ලබාදීම සුදුසු නොවන බවයි දැක්වෙන්නේ.
ඇතැම් අවස්ථාවලදී එම ආහාර පාන සතුන්ට විෂ විය හැකි බවද සදහන්.
චොක්ලට්, නත්තල් කේක්, වියළි මිදි, ලූණු, සුදු ළුෑණු සහ අලිගැට පේර වැනි ආහාර වර්ග මෙලෙස සුරතල් සතුන්ට විෂ සහිත විය හැකි බවයි පැවසෙන්නේ.
ඒ හරහා සුරතල් සතුන්ට වමනය, පාචනය වැනි රෝගී තත්වයන් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.
මේ අතර සැරසිලි සදහා යොදා ගන්නා ද්‍රව්‍ය මෙන්ම කුඩා ළමුන්ගේ සෙල්ලම් භාණ්ඩ ද සුරතල් සතුන්ගෙන් ඈත් කර තබන ලෙසයි දැනුම් දී ඇත්තේ.
එළඹෙන නිවාඩු සමය තුළ කදවුරු බැදීම, කදු නැගීම වැනි බාහිර ක්‍රියාකාරකම් සදහා සුරතල් සතුන් රැගෙන යන්නේ නම් කිනිතුල්ලන් සහ සර්පයින්ගෙන් ඔවුන් ප්‍රවේශම් කර ගන්නා ලෙස ද එහි සදහන්.
එමෙන්ම සුනඛයන් සමග ක්‍රීඩා කිරීමේදී ද ඔවුන් පිළිබදව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද සත්ත්ව හිමිකරුවන්ගෙන් පශු වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.
මුහුදු වෙරළට සුරතල් සතුන් රැගෙන යාමේදී ද විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි එහි වැඩිදුරටත් සදහන් ව ඇත්තේ.