මෙම වසරේ ලොව ජනප්‍රියම සංස්කෘතික ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව ද ඇතුලත් ව තිබෙනවා.
2024 වර්ෂය තුළ එම ගමනාන්ත සම්බන්ධයෙන් පරිශීලක ප්‍රතිචාර මත පදනම් ව TripAdvisor විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන බවයි සදහන් වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොළඹ නගරය 2024 වසරේ ලොව ජනප්‍රියම සංස්කෘතික ගමනාන්ත අතර 7 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් ව තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව 2024 වසරේ ලොව ජනප්‍රියම සංස්කෘතික ගමනාන්තය බවට පත් ව ඇත්තේ කියුබාවයි.
එහි දෙවන ස්ථානය පේරු හී Cusco වෙත හිමිව තිබෙන අතර ඉන්දියාවේ අග්‍රා වෙත ශ්‍රේණිගත කිරීමේ දී තෙවන ස්ථානය හිමි ව තිබෙනවා.
මෙක්සිකෝවේ Fes වෙත ලැයිස්තුවේ සිව් වන ස්ථානය හිමි වෙද්දී ග්‍රීසියේ ඇතෑන්ස් වෙත එහි පස් වන ස්ථානය හිමිව තිබීම ද විශේෂත්වයක්.
ශ්‍රේණිගත කිරීමේ දී අයර්ලන්තයේ ඩබ්ලින් වෙත හය වන ස්ථානය ලැබී තිබෙන අතර වියට්නාමයේ Hue වෙත එහි අට වන ස්ථානය හිමිවී තිබෙන බව ද සදහන්.
2024 වසරේ ලොව ජනප්‍රියම සංස්කෘතික ගමනාන්ත අතර නව වන සහ දස වන ස්ථාන පිළිවෙලින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ සහ ජපානයේ ටෝකියෝ විසින් දිනා ගෙන තිබීම ද කැපී පෙනෙනවා.