ලොව එක් එක් රටවල සේවක ප්‍රජාව විසින් වාර්ෂිකව සේවය කරන පැය ගණන සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ OECD විසින් වීම ද විශේෂත්වයක්.
ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලියාවට 19 වන ස්ථානය හිමි ව තිබෙන අතර ඔස්ට්‍රේලියානු සේවකයෙක් වසරකට සාමාන්‍යයෙන් පැය 1,707 ක් රැකියාවේ නිරත වන බවයි එම දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී ඇත්තේ.
ශ්‍රේණිගත කිරීමට අනුව වාර්ෂිකව ලොව වැඩිම පැය ගණනක් රැකියාවේ නියුතු සේවකයන් සිටින රට බවට කොලොම්බියාව පත්ව තිබෙන පසුබිමක කොලොම්බියානු ශ්‍රමිකයෙක් වසරකට සාමාන්‍යයෙන් පැය 2,405 ක් පමණ සේවය කරන බවයි දැක්වෙන්නේ.
එහි දෙවන ස්ථානය සදහා මෙක්සිකෝව තේරී පත් ව තිබෙන අතර මෙක්සිකෝ ශ්‍රමිකයෙක් සාමාන්‍යයෙන් වාර්ෂිකව පැය 2,226 ක කාලයක් රැකියාවේ නිරත වීම ද කැපී පෙනෙනවා.
කොස්ටරීකා වෙත එම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමි වෙද්දී කොස්ටරීකා හි ශ්‍රමිකයෙක් වසරකට පැය 2,149 ක් පමණ සේවයේ නියුතු බවයි එහි වැඩිදුරටත් සදහන් වන්නේ.