ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් පොළක් පැවැත්වෙමින් පවතින අතරතුර මෝටර් රථයක් සෙනඟ අතරට ධාවනය කරවීමෙන් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙක් මියගොස් තිබෙනවා.
පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් ලබා ඇති අතර තවත් 13 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නගර බලධාරීන් පවසන්නේ.
සැකකරු 50 හැවිරිදි සෞදි අරාබියේ වෛද්‍යවරයකු වන අතර ඔහු 2006 වසරේ සිට ජර්මනියේ වාසය කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බොහෝ ජර්මානුවන්ට වේදනාකාරී මතකයන් කිහිපයක් ඇති කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම සිද්ධියත් සමග ඔස්ට්‍රේලියානු සංචාරක මාර්ගෝපදේශ සපයන වෙබ් අඩවියක් වන Smart Traveller විසින් ඔස්ට්‍රේලියානුවන්ට ද අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.