Search

මෙතක් හදුනා නොගත් නව සත්ව විශේෂ 27ක් සොයාගැනේ

පේරු හි ගවේෂණයක යෙදී සිටින පර්යේෂකයන් පිරිසක් විසින් නව සත්ත්ව විශේෂ 27 ක් සොයාගෙන තිබෙනවා.

ඒ අතර “blob-headed fish” මැයෙන් නම් කරන ලද වෙනස් ම මත්ස්‍ය විශේෂයක් ද වන බව සඳහන්.

එමෙන්ම ‘අර්ධ ජලජ මීයන්’ විශේෂයක් ද වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම ගවේෂණය සිදුකර ඇත්තේ, පරිසර සංවිධානයක් වන ‘Conservation International’ මඟින් බව සදහන්.

වනාන්තර සහ කෘෂිකාර්මික ප්‍රදේශ අක්කර මිලියන 1.9 ක් පමණ ආවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිදුකරන ලද පර්යේෂණවලින් ක්ෂීරපායින් හතරක්, මත්ස්‍ය විශේෂ අටක්, උභයජීවීන් තිදෙනෙක් සහ සමනල විශේෂ 10 ක් ඇතුළු බොහෝ විශේෂයන් අලුතින් සොයාගත් බවයි වාර්තා වන්නේ.

ඉන් වඩාත්ම විස්මිත කාරණය වන්නේ, ජලයේ ජීවයට අනුවර්තනය වීමටත් හැකි ලෙස සැකසුණු ශරීරයකින් යුක්ත ‘උභයජීවී මීයන්’ විශේෂය බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පර්යේෂකයන් විසින් මෙම විශේෂිත මී විශේෂය සොයාගෙන ඇත්තේ දැනට කෘෂිකාර්මික භාවිතයන් නිසා තර්ජනයට ලක්ව ඇති කුඩා වගුරු වනාන්තර පෙදෙසකින් වීම විශේෂත්වයක්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »