Search

වික්ටෝරියා ලැව්ගිනි තවත් දරුණු වෙයි නවතම තත්වය මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පැතිර යන ලැව් ගිනි තත්වය හේතුවෙන් එම ප්‍රදේශවල හදිසි අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලැව් ගිනි තත්වය මේ වනවිට Grampiand ජාතික වනෝද්‍යාන කලාපයේ සිට උතුරු දිශාවෙන් Halls Gap දෙසට ගමන් කරන බවයි දැක්වෙන්නේ.

මේ හේතුවෙන් Belfield, Belfield Settlement, Flat Rock Crossing, Fyans Creek, Gampians Junction සහ Halls Gap ඇතුලු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් එම ස්ථානවලින් ඉවත් වන ලෙස බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

එසේම එම ප්‍රදේශවලින් දැනටමත් පිටව ගොස් සිටින වැසියන් ට එම ප්‍රදේශ වෙත නැවත නොපැමිණෙන ලෙසයි බලධාරීන් විසින් අනතුරු අඟවා ඇත්තේ.

අදාළ කලාපය තුළ මේ වනවිට අවතැන් වූ ජනතාවට සහන සැලසීම උදෙසා ඇලෙක්සැන්ඩ්‍රා ඕවල් සහ ග්‍රැම්පියන්ඩ් (The Shacc) යන ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘතව පවතින බව ද සදහන්.

මේ අතර Lake Fyans සහ Pomonal යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට ද එම ස්ථානවලින් පිටවීමට සූදනම් වන ලෙසට බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

Bornes Hill, Grampians, Jimmy Creek, Mirranatwa සහ Victoria Valley යන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ද මෙලෙස පිටව යෑමට සූදානම් වන ලෙසයි බලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත්තේ.

Bullengarook හි ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වය තවමත් පාලනය කර නොමැති පසුබිමක එම ලැව් ගිනි තත්වය ඊසාන දෙසට ගමන් කිරීම සැලකිල්ලට ගනිමින් ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙවැනි තත්වයක් තුළ Mafeking සහ Watgania යන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැනුම් දී තිබෙන්නේ නැවත එම ප්‍රදේශවලට පැමිණීම ආරක්ෂිත නොවන බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »