Search

ඔස්ට්‍රේලියා Domestic එක්දින ක්‍රිකට් කුසලානයට අලුත් නමක්

Australian Men’s Domestic One – Day කුසලානය ඩීන් ජෝන්ස් කුසලානය ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් Hall of Fame කමිටුව විසින් මෙම වසර ආරම්භයේ දී මේ සදහා ඩීන් ජෝන්ස්, මයිකල් බෙවන් සහ ඇන්ඩෲ සයිමන්ස් යන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුගත කර තිබෙන බවයි දැක්වෙන්නේ.

එක්දින (ඕවර 50) තරග රටාව නියෝජනය කළ ක්‍රීඩයෙකු වීම,එක්දින (ඕවර් 50) තරග රටාව නියෝජනය කළ ක්‍රීඩකයෙකු වීම, එක්දින තරග රටාව තුළ ඔවුන් තැබූ වාර්තා සහ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ ඔවුන්ගේ කුසලතා යන නිර්ණායක මේ සදහා යොදාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

2020 වසරේ සැප්තැම්බර් මාසයේදී අභාවප්‍රාප්ත වූ ඩීන් ජෝන්ස් ඒ වනවිට 59 වන වියේ පසු වුණා.

වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් දේශීය එක්දින තරග 55 ක් ක්‍රීඩා කර ඇති ජෝන්ස් ලකුණු 50.52 සාමාන්‍යයක් රදවා ගනිමින් මුළු ලකුණු 2122 ක් රැස් කර තිබීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 164 කට ක්‍රීඩා කර ඇති ඔහු ශතකය 7 ක් සහ අර්ධ ශතක 46 ක් ද ඇතුලුව මුළු ලකුණු 6068 ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කර ගැනීමට සමත් ව තිබෙනවා.

1987 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් තම කණ්ඩායම වෙනුවෙන් විශේෂ දායකත්වයක් සැපයූ ඉදිරි පෙල සාමාජිකයෙකු ලෙසයි ඩීන් ජෝන්ස් සැලකෙන්නේ.

Hall of Fame හි සභාපති පීටර් කිං විසින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ ඩීන් ජෝන්ස් එක්දින ක්‍රිකට් ක්‍රීඩාව තුළ විප්ලවීය වෙනසක් ඇති කළ ක්‍රීඩකයෙකු බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »