ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීම අපේක්ෂාවෙන් දැනට විදේශයන් හි සිටින සිසුන් යොමු කරන අයදුම් පත් සලකා බැලීමේ ක්‍රියාවලියට වෙනස්කම් කිහිපයක් හදුන්වා දී තිබෙනවා.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව මෙතෙක් බලපැවැත් වු 107 වන අමාත්‍ය අධීක්ෂණය ඉවත් කර ඒ වෙනුවට 111 වන අමාත්‍ය අධීක්ෂණය මින් ඉදිරියට බලපැවැත්වෙන බවයි.
මේ අනුව ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීමට ප්‍රමුඛතා මට්ටම කිහිපයක් හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ප්‍රමුඛතා මට්ටම් යටතේ දැනට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නියම කර ඇති නිර්නායක සපුරා දී ඇති අධ්‍යාපන ආයතන වෙත යොමුකෙරෙන ශිෂ්‍ය විසා අයදුම්පත් සලකා බැලීමට වැඩි ප්‍රමුඛතාවක් හිමිවනු ඇති.
ඒ අනුව උසස් අධ්‍යාපනය, වෘත්තිමය අධයාපනය සහ පුහුණු අංශ යන නිර්ණායක වලින් සියය 80කට වඩා සපුරා ඇති ආයතන වෙත යොමු කෙරෙන ශිෂ්‍ය විසා අයදුම්පත් සඳහා ඉහළම ප්‍රමුඛස්ථානටන් හිමිවනවා.
එම ආයතන වල උපාධි,පර්යේෂණ උපාධි මෙන්ම විවිධ ශිෂ්‍යත්ව ලබා අධ්‍යාපනය හැදැරීමට එන සිසුන්ට එහිදි වැඩි ප්‍රමුඛස්ථානයක් හිමියනු ඇති.
ප්‍රමුඛතා අංක 2 යටතේ අනෙකුක් ආයතන හදුන්වා දී ඇති අතර එම ආයතන වලට උසස් අධයාපනය හැදැරීම සදහා පැමිණෙන සිසුන්ගේ ශිෂ්‍ය විසා අයදුම්පත් සලකා බැලීම සිදුවන්නේ ප්‍රමුඛතා අංක් 1 යටතේ ඉල්ලුම් කළ සිසුන්ට පසුව බව සඳහන්