ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් Rating සමාගම පවසනවා.
මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC- මට්ටමේ සිට CCC + මට්ටම දක්වා අදාළ උසස්වීම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණු කළ සාර්ව ආර්ථික දර්ශක සහ දේශීය මුදල් පැහැර හැරීමේ අවදානම අඩු කිරීම මෙමගින් පිළිබිඹු කරන බව ෆිච් Rating සමාගම පවසනවා.
මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැදුම්කර 08 ක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
මහබැංකුව පෙන්වා දෙන්නේ මෙම සියලු බැදුම්කර රුපියල් මිලියන දහනවදහස් හාරසිය හැට හයයි දශම එකක වෙන් කළ මුදලකින් සමන්විත බවයි.