![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් පොළක් පැවැත්වෙමින් පවතින අතරතුර මෝටර් රථයක් සෙනඟ අතරට ධාවනය කරවීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනකු මියගොස් තිබෙනවා.
එහිදී පුද්ගලයින් හැට අට දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නගර බලධාරීන් පවසන්නේ.
සැකකරු 50 හැවිරිදි සෞදි අරාබියේ වෛද්‍යවරයකු වන අතර ඔහු 2006 වසරේ සිට ජර්මනියේ වාසය කර තිබෙනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
ප්‍රහාරයෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බොහෝ ජර්මානුවන්ට වේදනාකාරී මතකයන් කිහිපයක් ඇති කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම සිද්ධියත් සමග ඔස්ට්‍රේලියානු සංචාරක මාර්ගෝපදේශ සපයන වෙබ් අඩවියක් වන Smart Traveller විසින් ඔස්ට්‍රේලියානුවන්ට ද අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
එම වෙබ් අඩවිය දැනුම් දී ඇත්තේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවට සැක කෙරෙන අතර මේවන විට එම කලාපයේ සිටින ඔස්ට්‍රේලියානුවන් සැළකිල්ලෙන් පසුවන ලෙසත් ජර්මනියේ ජනාකීර්ණ ස්ථාන වෙත යෑමේ දි වඩාත් සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් සදහන්.