Search

වික්ටෝරියා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර28000ක් විනාශයි

වික්ටෝරියා හි පාලනයකින් තොර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ජනතාව වහාම ආපදා කලාප වලින් ඉවත්වන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

වික්ටෝරියා හදිසි සේවා අංශ සදහන් කර ඇත්තේ කොතෙක් අනතුරු ඇගවීම් නිකුත් කළද ඇතැම් පිරිස් තවදුරටත් ආපදා කලාප තුළ රැදී සිටින බවයි.

කෙසේ වෙතත් වික්ටෝරියා හදිසි සේවා සදහන් කළේ

එම තත්වයන් හමුවේ අවශ්‍ය උදව් කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇති බවයි.

වික්ටෝරියා හි ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ වේගයෙන් වර්ධනය වන ලැව් ගිනි හේතුවෙන් අද උදෑසන වන විට හෙක්ටයාර 28,000 ක් විනාශ වි ඇති බව සදහන්.

Bellfield, Halls Gap, Lake Fyans, Pomonal, Mafeking, Watgania and Grampians Junction යන නගරවල පදිංචිකරුවන්ට වහාම පිටව යන ලෙසයි දන්වා ඇත්තේ.

ග්‍රැම්පියන්ස් ගින්න හේතුවෙන් ජනප්‍රිය කඳවුරු බැඳීමේ සහ කඳු නැගීමේ ගමනාන්ත තාවකාලිකව වසා දමා ඇති බව සදහන්.

ජනතාව හැකිතාක් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන අතර එම කලාප වලින් ඉවත්වන්නැයි දැනුම් දුන්නහොත් වහාම ඊට අවනත වන ලෙස වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »