ජනවාරි 1 වනදා සිට වික්ටෝරියා හි පොදු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට නියමිත බව ඊයේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සදහන් කළා.
ඒ අනුව ජනවාරි 1 වැනිදා සිට වික්ටෝරියානු පොදු ප්‍රවාහන ජාලය හරහා දෛනික ගාස්තු සීමාව ඩොලර් 11ක් ලෙස සකසන බව රජය සිකුරාදා අනාවරණය කළා.
දැනට පවතින ඩොලර් 10.60 දෛනික සීමාව මත ශත 40 කින් වැඩි වැඩිවනු ඇති.
තවද සති අන්ත සහ රජයේ නිවාඩු දින සීමාව ද ශත 40 කින් වැඩිවන අතර එම අගය ඩොලර් 7.60 දක්වා ඉහළ යන බවයි වාර්තා වන්නේ.
දෛනික සහන ගාස්තු සීමාව ඩොලර් 5.30 සිට ඩොලර් 5.50 දක්වා ඉහළ යනු ඇති අතර සති අන්ත සහ රජයේ නිවාඩුවක් සඳහා සහන සීමාව ඩොලර් 3.60 සිට ඩොලර් 3.80 දක්වා ඉහළ යනු ඇති.
නත්තල් දින වික්ටෝරියා හි පොදු ප්‍රවාහන සේවා සියල්ල නොමිලේ ක්‍රියාත්මක කරන බවට වන නිවේදනයේම මෙලෙස ජනවාරි පළමුවනදා සිට ගාස්තු ඉහළ දැමීම ගැන අවදානය යොමු කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ප්‍රාදේශීය ගාස්තු සීමාව පැවති අගය දිගටම පවත්වාගෙන යන බවයි සදහන් කර ඇත්තේ.