නත්තලට තව දින 3ක් ඉතිරිව ඇති බැවින් සුපිරි වෙළදසැල්, සාප්පු මධ්‍යස්ථාන සහ සිල්ලර වෙළෙන්දන් ඉදිරි දිනයන් හී තම වෙළදසැල් විවෘත වන වේලාවන් ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නත්තල දින , බොක්සිං දින සහ අලුත් අවුරුද්ද පුරා වෙළඳසැල් විවෘතවන වේලාවල් වෙනස් කර ඇති බැවින් පාරිභෝගිකයින් ඒ පිළිබද අවදානය යොමු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
සියලුම කෝල්ස් වෙළඳසැල් නත්තල් දින වසා තැබෙන අතර බොක්සිං දිනය (දෙසැම්බර් 26) දකුණු ඔස්ට්‍රේලියාවේ ඇති කෝල්ස් වෙළදසැල් හැර අනෙකුත් සියලුම කෝල්ස් වෙළඳසැල් විවෘතව පවතින බවයි වාර්තා වන්නේ.
තවද අලුත් අවුරුදු දිනය (ජනවාරි 1) දිනයේද මෙලෙස
දකුණු ඔස්ට්‍රේලියාවේ හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශ වල සියලුම කෝල්ස් වෙළඳසැල් විවෘතව පවතින බව වැඩිදුරටත් සදහන්.
නත්තල් දිනයේ Woolworths වෙළඳසැල් වසා තැබෙන අතර, රට පුරා සියලුම වෙළඳසැල් නත්තල් සැන්දෑවේ විවෘතව පවතින බවයි වාර්තා වන්නේ.
තවද බොහෝ Woolworths වෙළඳසැල් බොක්සිං දිනයේ සහ ජනවාරි 2 දක්වා විවෘතව පවතිනු ඇති.
නත්තල් දිනය (දෙසැම්බර් 25)දින සියලුම Woolworths වෙළඳසැල් සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශ වල වසා දමනු ඇති අතර බොක්සිං දිනය (දෙසැම්බර් 26)දින සියලුම Woolworths වෙළඳසැල් NSW, Victoria, Queensland, WA, NT, ACT සහ Tasmania හි විවෘතව පවතින බවට සදහන් .
අලුත් අවුරුදු දිනය (ජනවාරි 1) දිනසියලුම Woolworths වෙළඳසැල් NSW, Victoria, Queensland, NT, ACT සහ Tasmania හි විවෘතව පවතින බව සදහන් වන අතර WA හි නෝර්තම් හැර අනෙකුත් සියලුම වෙළඳසැල් විවෘතව පවතින බවටයි වාර්තාවෙන්නේ.
බොහෝ ප්‍රාන්තවල සුපිරි වෙළඳසැල් නත්තල් දිනයට පෙර දින විවෘතව තැබුණද නත්තල් දිනයේ වසා තබනු ඇතයි වාර්තාවෙනවා .