Search

ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් ප්‍රජනන පද්ධතියට බලපෑම් පිළිකා අවදානමත් ඉහළට

 

ක්ෂුද්‍ර ප්ලාස්ටික් පුද්ගල ශරීරගතවීමෙන් නොයෙක් පිළිකා සදහා හේතු වන බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.

විශේෂයෙන් පෙනහළු සහ මහා බඩවැලේ පිළිකා වලට ක්ෂුද්ර ප්ලාස්ටික් සෘජුව සම්බන්ධ වන බව සිඩ්නි විශ්ව විශ්වවිද්‍යාලය විසින් සිදුකළ නවතම අධයනය ක දී තහවුරු වී තිබෙනවා.

බීම බෝතල්වල සිට ඇඳුම් පැළඳුම් දක්වා සෑම දෙයකම ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින අතර මහා බඩවැලේ සහ පෙනහළු පිළිකා වලට ක්ෂුද්‍ර ප්ලාස්ටික් සෘජුව සම්බන්ධ වී ඇති බව ජාත්‍යන්තර අධ්‍යනයක දීයි හෙළි ව ඇත්තේ..

ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු මිලිමීටර පහකට වඩා කුඩා ප්ලාස්ටික් ප්‍රමාණයක් වන අතර ඒවා නොදැනුවත්වම ශරීරගත වීමෙන් මෙම රෝගි තත්වයන් ඇති වන බව සදහන්.

ප්ලාස්ටික් බහාලුම්, බීම බෝතල්, ඇඳුම් සහ මෝටර් රථ ටයර් වලින් ක්ෂුද්ර ප්ලාස්ටික් වැඩි වශයෙන් පරිසරයට නිරාවරණය වන අතර සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්ය නික් චාටර්ස් එක්සත් ජනපදයේ කණ්ඩායමක් හා එක්ව මෙම අධ්‍යනය සිදුකර තිබුණා.

විශේෂයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ශ්වසන පද්ධතියට, ආහාර ජීර්ණ හා ප්‍රජනන සෞඛ්‍යටද බලපෑම් කරන අතර ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලට නිරාවරණය වීමෙන් ප්‍රජනන පද්ධතියට ද බලපෑම් එල්ල වන බව සදහන්.

විශේෂයෙන් පුරුෂයින්ගේ ශුක්රාණුවල ගුණාත්මකභාවය අඩු වීම සහ ශුක්රාණුවලට හානි වීම ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් සිදුවන බව සදහන්.

එක් වරක් භාවිතයට සුදුසු ප්ලාස්ටික් වහාම තහනම් කරන ලෙස පාරිසරික අංශ ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »