Search

දරුවාගේ නම නිසා යුවලක් දික්කසාදයට අධිකරණයෙන් දරුවාට නමක්

තම දරුවාට නම් තැබීම සම්බන්ධයෙන් ඇතිවූ විරසකය මත ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ යුවළක් දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.

ඒ තම පුතාගේ නම සම්බන්ධයෙන් වසර තුනක පටන් පැවති මත ගැටුමකින් පසුවයි.

බිරිඳ දැමූ නමට අකමැති වූ සැමියා ඇයව සහ දරුවාව ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙලෙස දෙදෙනා වෙන්ව වසර තුනක් ගත කල අතර අනතුරුව බිරිඳ විසින් වන්දි ඉල්ලා සැමියාට විරුද්ධව නඩුවක් පවරා තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණය ඉදිරිපත්වූ කරුණු සලකා බලා යුවලගේ දරුවාට නමක් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණය යෝජනා කළ නමට දෙදෙනාම කැමති වීමෙන් පසු දරුවාට එම නම තබා අධිකරණ භූමියෙම මල් මාල පලන්දවා දික්කසාද වීමට ගත් තීරණය පසෙකලා ඔවුන් දෙදෙනා නැවතත් එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »