![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
වික්ටෝරියා හි ඇල්පයින් කලාපයේ වසර 114 ක් පැරණි ඓතිහාසික මන්දීරයක් වන “Mount Buffalo Chalet” යලි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
වසර 20 කට ආසන්න කාලයක් මහජනතාවට සම්පූර්ණයෙන්ම වසා දමා තිබු මෙම Mount Buffalo Chalet මැදුර 2025 වසරේදී යළි විවෘත වනු ඇති.
මෙම මන්දීරය වසර 114 ක් පැරණි ගෘහ නිර්මාණ ශිල්පි ක්‍රමයන්ගෙන් සමන්විත අතර ඔස්ට්‍රේලියාවේ විශාලතම දැවයෙන් තැනූ ගොඩනැගිල්ල ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල අතීතයේ වික්ටෝරියානුවන් අතර වඩාත් ආකර්ෂණීය සංචාරක කලාපයක් ලෙසයි සදහන් කර ඇත්තේ.
1900 ඉදිකිරීම් ආරම්භ කළ මෙය 1910 දී සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කර තිබුණා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
“Mount Buffalo Chalet” ඔස්ට්‍රේලියාවේ පළමු Sky නිකේතනය වූ අතර එය රටේ විශාලතම චැලට් සංකීර්ණවලින් එකක් ලෙස සදහන්.
එවක් පටන් මුල් වසර 50 තුළ සාමාන්‍යයෙන් දිනකට අමුත්තන් 162 ක් සත්කාරකත්වය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් එය 2007 දී සම්පූර්ණයෙන්ම වසා දැමූ අතර 2017 දී යලිත් අළුත්වැඩියා කිරීම ආරම්භ කලා.
එතැන් සිට එහි අලුත්වැඩියා කටයුතු සදහා රජය ඩොලර් මිලියන 8 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර 2025 මුල් භාගයේදී මහජනයාට යළි විවෘත කරන බව සදහන්.