මෙම වසර සඳහා ඔස්ට්‍රේලියාවේ දීර්ඝතම දිනය අද බවට අනාවැකි පළවනවා.
ඒ අනුව දෙසැම්බර් 21 වන දිනයේදී බොහෝ ප්‍රදේශවලට දිනයේ වැඩි කාලයක් සූර්ය ආලෝකය පවතිනු ඇති බව සඳහන්.
සෑම වසරකම දෙසැම්බර් 21 – 22 සහ 23 යන දිනවලදීයි ඔස්ට්‍රේලියාවේ වසරේ දීර්ඝතය දිනය උදාවන්නේ.
ඒ අනුව පැය 15ක් පමණ සූර්යාලෝකය පවතිනු ඇති බවයි සදහන් වන්නේ.
සිඩ්නි හි දිවා කාලය පැය 14 විනාඩි 25 ක් වන අතර මෙල්බන් හි දිවා කාලය පැය 14යි විනාඩි 48ක් බව පුරෝකතනය කර තිබෙනවා.
හෝබාට් හි පැය 15 යි මිනිත්තු 22 ක දිවා ආලෝකයක් ද පර්ත හි පැය 14 යි මිනිත්තු 15ක් මෙලෙස දිවා ආලෝකය පවතිනු ඇති.
කෙසේවෙතත් මෙවර ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම අධිකම දිනය ජනවාරියේදී උදාවනු ඇති බවද සඳහන්.
පසුගිය වසරේ දීර්ඝතම දිනය දෙසැම්බර් 22 දින සමරණු ලැබුවා.