මේ වන විට වික්ටෝරියා හි බටහිර කලාපයට බලපා ඇති ලැව්ගිනි තත්වය හේතුවෙන් හෙක්ටයාර 7600ක් මුලුමනින්ම විනාශ වී ඇති බව ප්‍රාන්ත රජය තහවුරු කර තිබෙනවා.
බටහිර වික්ටෝරියා හි පාලනයකින් තොරව ලැවිගිනි අවදානම ව්‍යාප්ත වන අතර හදිසි අනතුරු ඇගවීම් මේ වන විටත් නිකුත් කර තිබෙනවා.
විශේෂයෙන් Grampians National Park ආසන්නයේ Mirranatwa සහ Watgania, Mafeking අවට ජනතාවට වහාම ඉවත්වන්නැයි දැනුම් දී ඇති අතර අවදානම නොතකා තවදුරටත් රැදී සිටින ජනතාව සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බවයි වික්ටෝරියා හදිසි සේවා සදහන් කළේ.
එම ප්‍රදේශ වල පදිංචිකරැවන් හැකිතාක් ඉක්මනින් ඉවත් වන්නැයි දැනුම් දෙන අතර ඉදිරි පැය කිහිපය ලැව්ගිනි අවදානම ඉහළ යනු ඇතැයි සදහන්.
වික්ටෝරියා හදිසි සේවා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ අවදානම් කලාප බල සිටින පුද්ගලයින් තවදුරටත් රැඳී සිටීමට තීරණය කළහොත් හදිසි සේවාවන්ට ඔබට උදව් කිරීමට නොහැකි වනු ඇති බවයි.