![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
නීති විරෝධි මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බාලි හි දී සිරදඩුවම් නියම වූ මෙල්බන් තරුණයා සිරදඩුවම් අවසන් කොට යළිත් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව වසර 19ක් බාලි හි සිරගත ව සිටි මොහු දඩුවමින් නිදහස් වන විට වයස අවුරුදු 38ක් බවයි වාර්තා වන්නේ.
38 හැවිරිදි මැතිව් නෝමන් – Geelong නගරයේ සිය නිවස වෙත පැමිණ තිබෙනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
ඉන්දුනීසියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් බාල වයස්කරුවෙක්.
ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතර ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව, බාලි හි මත්ද්‍රව්‍ය ජාවාරම් වළල්ලේ සිටි ඔස්ට්‍රේලියානුවා වසර 19කට වැඩි කාලයක් සිරගතව සිට නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිව තිබුණා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
ඔස්ට්‍රේලියාව වෙත පැමිණි මැතිව් නෝමන් පිළිගැනීමට ඔහුගේ පවුලේ උදවිය පැමිණ සිටි බවත් ඔහු යළිත් වික්ටෝරියා හි තම ජීවිතය අලුතින් ආරම්භ කරන බවයි සදහන් කර ඇත්තේ