අත්‍යවශ්‍ය සේවකයින්ට සහ අඩු ආදායම්ලාභී ඔස්ට්‍රේලියානුවන්ට ෆෙඩරල් රජය විසින් නවතම විදුලි මෝටර් රථ සඳහා වට්ටම් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.
විදුලි වාහන වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම සඳහා සැලසුම් කර ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ඩොලර් 55,000 ට අඩු වාහන සඳහා මෙම වට්ටම් ක්‍රියාත්මක වනවා.
කාලගුණ හා බලශක්ති අමාත්‍ය Chris Bowen විසින් විදුලි වාහන වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ඩොලර් මිලියන 150 ක යෝජනා ක්‍රමයක් අද ප්‍රකාශයට පත් කර තිබුණා.
ජනවාරි 1 වනදා සිට, රජය කොමන්වෙල්ත් බැංකුව සමඟ සියයට 5.4 ක පොලියකට විදුලි මෝටර් රථ ණය ලබා දෙන අතර, සියයට 5 ක පමණ වට්ටමක් ජනතාවට හිමිවනු ඇති.
යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලැබීමට, ගැනුම්කරුවෙකු වසරකට $100k ට වඩා අඩුවෙන් උපයාගත යුතු අතර නැතහොත් හෙදියක්, පොලිස් නිලධාරියෙක් හෝ ගුරුවරයෙකු වැනි අත්‍යවශ්‍ය සේවකයෙකු විය යුතුයි.
එසේම ඔවුන් මිලදී ගන්නා මෝටර් රථය ඩොලර් 55,000 ට වඩා අඩු විය යුතු බවද සදහන්.
විදුලි මෝටර් රථ සහ Plug-in Hybrids වාහන දැනටමත් වාර්තාගත මිල ගණන් යටතේ අලෙවි වන අතර, මේ වසරේ පමණක් එම වාහන් 100,00 කට වඩා අලෙවි වී ඇති බව සදහන්.