
මෙල්බන් හි සැබෑ නත්තල් ගසක් මිලදී ගැනීමට අස්ථාව හිමි ස්ථාන පිළිබද පාරිභෝගිකයින්ට දැනුම් දීමක් කර තිබෙනවා.
නත්තලත් සමග නත්තල් ගස සංකේතාත්මකය බද්ධ වී ඇති අතර මෙල්බන් පුරා කෘතීම නත්තල් ගස් බහුල ලෙස මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවනවා.
නමුත් සජීවි නත්තල් ගසක අත්දැකීමක් සිට පවුලේ දරුවන් සමග බෙදා ගැනීමට සදහා වෙළදපලෙහි ඇත්තේ අඩු අවස්ථාවක්.

ඒ අනුව සජීවි නත්තල් ගසක් මිලදී ගැනීමට යා යුතුම තැන Melbourne Christmas Tree Farm වන අතර එහි සැබෑ නත්තල් ගසක මිල ඩොලර් 100ක් ලෙස සදහන් වනවා.
දෙසැම්බර් 24 වනදා තෙක් මෙහි නත්තල් ගස් අලෙවි වන අතර පැමිණිමට පෙර ඒ පිළිබද දැනුම් දීමක් සිදු කර වේලාවක් වෙන්කළ ගත යුතුයි.

තවද Daylesford Christmas Tree Farm හිද ඔබට අවශ්‍ය ප්‍රමාණයේ නත්තල් ගසක් මිලදී ගැනීමේ අවස්ථාව ඩොලර් 60 සිට හිමිවනවා.
Dandenong Christmas Tree Farm හි ද සජීවි නත්තල් ගස් මිලදී ගැනීමේ හැකියාව පවතින අතර මේ සදහා තරුණ ප්‍රජාව වඩාත් උනන්දු වන බව සදහන්.