Search

100km පාපැදි සවාරියක් යන්න වික්ටෝරියා හි නව ධාවන පථයක්

ලොව උසස් මට්ටමේ මවුන්ටන් පාපැදි ධාවන මාවතක අත්දැකීම විදගැනීමට වික්ටෝරියාවේ දී අවස්ථාවක් හිමිව තිබෙනවා.

ඒ අනුව කිලෝ මිටර 100ක දුරින් යුත් මෙම ධාවන කලාපය මේ වන විට මුලික අදියර යටතේ කිලෝ මීටර 50ක් දක්වා විවෘත විවෘත වනු ඇති.

East Gippsland කලාපයේ ස්ථාපිත කර ඇති මෙම ධාවන පතය Omeo Mountain Bike Trail ලෙසයි නම් කර ඇත්තේ.

මෙහි පළමු අදියර නිල වශයෙන් විවෘත කර ඇති අතර, රෝද දෙකක ත්‍රාස්‍යජනක අත්දැකීමක් විදගැනීමට කැමති ඕනෑම කෙනෙකුට නැගෙනහිර ගිප්ස්ලන්ඩ් හි දි ඒ සදහා අවස්ථාව හිමිවනවා.

වික්ටෝරියා හි ඇල්පයින් කලාපයේ පිහිටා ඇති ඔමියෝ දැන් රටේ විශාලතම මවුන්ටන් පාපැදි ගමනාන්ත වලින් එකක් වීමට නියමිත බව ද සදහන්.

මෙම පාපැදි ධාවන පථය ඉදිකිරීම සදහා ප්‍රාන්ත රජයෙන් ඩොලර් මිලියන 4 ක ආයෝජන අරමුදලක් ද හිමිව තිබෙනවා.

මෙම ධාවන පථයෙහි බයිසිකල් අලුත්වැඩියා කරන ස්ථාන, බයිසිකල් සේදීම සහ ආහාරපාන ගැනීමට පවා හැකිවන ලෙසයි නිර්මාණය කර ඇත්තේ.

මෙම ධාවන මන්තීරුව දෙස් විදෙස් සංචාරකයින් අතර වඩාත් ආකර්ශනීය ස්ථානයක් වනු ඇති බව සදහන්.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »