Search

Protection Visa වංචාවකට හසුවන සංක්‍රමණිකයින්ට නීතිය තදින්ම

Protection Visa (Subclass 866) වංචාවන්ට නොරැවටෙන්නැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යළි යළිත් අවධාරනය කර තිබෙනවා.

මේ වන විට බෝහෝ ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අතර Protection Visa (Subclass 866) සම්බන්ධයෙන් වැරදි තොරතුරු රාශියක් සමාජගත වී තිබීම හේතුවෙන් සංක්‍රමණිකයන්ට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර ඇත්තේ.

නීති විරෝධී සංක්‍රමණ සදහා ආධාර අනුබල දෙන පුද්ගලයින්ට මෙන්ම ඒ ඔස්සේ ව්‍යාජ තොරතුරු සපයන සංක්‍රමණිකයින්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව වැසිදුරටත් අවධාරනය කරනවා.

එසේම Protection Visa සදහා වංචනික ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට සිරදඩුවම් විදීමට සිදුවන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යළිත් අවධාරනය කරනවා.

මෙම වීසා බලපත්‍රය ලබාදෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ සරණාගතභාවය අයදුම් කරන පුද්ගලයන් සදහා පමණක් වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නීතිය යටතේ සංක්‍රමණිකයන්ට අවශ්‍ය සහය ලබාදීම සදහා ගාස්තුවක් අය කළ හැක්කේ ලියාපදිංචි වී සිටින සංක්‍රමණ නියෝජිතයන්ට සහ නීති වෘත්තිකයන්ට පමණක් වන බව ද ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තවද Protection Visa සදහා නොමිලේම උපදෙස් ලබා ගැනීමට සංක්‍රමණිකයින්ට අවස්ථාව හිමිවන අතර ඒ සදහා ස්වදේශ කටයුතු වෙබ් අඩවියට පිවිසීමෙන් අවස්ථාව හිමිවනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »