නත්තලට සතියක් තිබියදී ඔස්ට්‍රේලියානු සංචාරකයින් 5198ක් ශ්‍රී ලංකාවේ සංචාරක සදහා පැමිණ තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් මස ගත වු මුල් දින 15 තුළ සංචාරකයින් 97115ක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව තහවුරු වනවා.
මේ අතර ශ්‍රි ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් අතර ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට මෙවර හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි.
ඒ අනුව වසරේ දෙසැම්බර් 15 දක්වා ගතවු කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු සංචාරකයින් 81662ක් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ තිබෙනවා.
තවද වසරේ මේ දක්වා කාලසීමාව තුල විදෙස් සංචාරකයින් 1,901,988ක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක වාර්තා අලුත් කිරීමක් බව සදහන්.
තවද ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් අතර ඉන්දියානුවන් අංක එකට නම් කර ඇති අතර වසරේ මේ දක්වා වාර්තාගත දත්ත අනුව ඉන්දීය සංචාරකයින් 385,267ක් පැමිණ තිබෙනවා.