
Summer හි දී පීනන්න ඉගෙන ගන්න කැමති මෙල්බන් වැසියන්ට ඩොලර් 2ක් වැනි සුලු මුදලකට හෝ නොමිලේම ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවනවා.
ජීවන වියදම හමුවේ පීඩා විදින මෙල්බන් වැසියන්ට
උපකාර කිරීමේ අරමුණින් මෙම වට්ටම් හිමිකර දී ඇති බව සදහන්.
ඒ අනුව 2025 වසරේ ජනවාරි මාසය පුරාම, මෙල්බන් නගරයේ තෝරාගත් එළිමහන් තටාකවල ජනවාරි මස ප්‍රවේශ පත්‍ර ගාස්තු ඩොලර් 2 ක් වන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මෙල්බන් හි පිහිණුම් ඉගෙන ගැනීමග කැමති ඕනෑම කෙනෙකුට සියයට 75 ක දැවැන්ත වට්ටමක් ලබා දෙන බව සදහන්.
මෙල්බන් හි කාල්ටන් බාත්ස් සහ උතුරු මෙල්බන් එළිමහන් තටාකයේ සඳුදා සිට සිකුරාදා දක්වා
මෙම සේවා ක්‍රියාත්මක අතර මෙල්බන් පදිංචිකරුවන් 400 දෙනෙක්ට නොමිලේ පුහුණුව ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙම නොමිලේ සේවාව සෑම වයස් කාණ්ඩයකටම අදාල වන අතර ඒ සදහා පිහිනීමටවූ හැකියාව ගැන සැලකිල්ලක් දක්වනු ඇති.
අනෙක් ඕනෑම කෙනෙක් සදහා ඩොලර් 2ක් වැනි සුලු මුදලකට එම සේවා ලබා ගත හැකි අතර මෙල්බන් සිටි බාත් හි පමණක් නොමිලේ සේවා ලබා දෙන බව සදහන්.
ජීවන වියදම් අර්බුදය සියලුම වැඩිහිටියන්ට ,සිසුන්ට මෙන්ම කුඩා ළමුන්ට මේ සදහා අවස්ථාව හිමිවන අතර
පිහිනුම් පාඩම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීම අනිවාර්ය බවයි දැනුම් දෙන්නේ.
පිහිනුම් පාඩම් සඳහා උනන්දුවක් දක්න පිරිස් සදහා දෙසැම්බර් 16 වන දා සිට ලියාපදිංචියට අවස්ථාව හිමිවනවා.