Search

කොළඹින් – මෙල්බන් ආ ගුවන් යානයක දී කාන්තාවක් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයෙක් අද අධිකරණයට

 

ශ්‍රී ලංකාවේ සිට මෙල්බන් බලා පැමිණි ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික මගියෙක් ගුවන් යානය තුළ අශෝභන ආකාරයේ ක්‍රියාවක් සිදු කර ඇති බවට ගුවන් මගියෙක් කල පැමිණිල්ලටක අනුව අද Broadmeadows මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) ප්‍රකාශ කළේ ඊයේ (2024 දෙසැම්බර් 18 බදාදා) ශ්‍රී ලංකාවේ සිට මෙල්බර්න් බලා පියාසර කරමින් සිටි ගුවන් යානයක 41 හැවිරිදි මෙම පුද්ගලයා කාන්තා මගියෙකු ඉදිරියේ අශෝභන ක්‍රියාවක නියැලි ඇති බවයි.

සිද්ධියට මුහුණදුන් කාන්තාව එම සිද්ධිය පිළිබඳව ගුවන් සේවා කාර්ය මණ්ඩලයට දැනුම් දුන් අතර, පසුව ඔවුන් ඔස්ට්‍රේලියා ගුවන්තොටුපල පොලීසිය වෙත දන්වා ඇති බව සදහන්.

අදාළ ගුවන් යානය මෙල්බර්න් ගුවන් තොටුපළට පැමිණි විට AFP නිලධාරීන් සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලය එක්ව සැකකාර පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් සේවා අපරාධ පනතේ 1991 (Cth) හි 15 (1) වගන්තිය ප්‍රකාරවත්, 1900 අපරාධ පනතේ (ACT) 60 (1) වගන්තියට පටහැනිව යන වගන්ති මත මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙවැනි වරදට උපරිම දඬුවම වසර 7ක සිරදඬුවමක් හිමිවන බවද නීති ප්‍රකාරව සදහන් වනවා.

සැකකරුට මේ වන විට ඇප ලබා දී ඇති අතර 2025 ජනවාරි 9 වන දින මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසයි නියෝග කර ඇත්තේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »