Search

නත්තලට මෙල්බන් හි පෙට්‍රල් මිල ඉහළට සිඩ්නි මිල පහළට

ඔස්ට්‍රේලියාවේ නත්තල් දිනට සමගාමීව ප්‍රධාන නගර වල ඉන්ධන මිල ගණන් හෙළිකර තිබෙනවා.

ප්‍රධාන නගර කිහිපයක ඉන්ධන මිල සුලු වශයෙන් අඩු කර ඇති අතර මෙල්බන් සහ බ්‍රිස්බන් හි ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙල්බන් හි පෙට්‍රල් ලීටරයක් ඩොලර් 1.92 ක් දක්වා ඉහළ යනු ඇතැයි සදහන්.

සිඩ්නි දැනට පවතින ඩොලර් 1.89ක් වන පෙට්‍රල් ලීටරයක මිල ඉදිරි සතියේ ඩොලර් 1.70ක් දක්වා පහත වැටෙනු ඇති බව වාර්තා වනවා.

බ්‍රිස්බන් හි පෙට්‍රල් ලීටරයක මිල නත්තල ලංවීමත් සමග ඩොලර් 2.03ක් දක්වා ඉහළ යන අතර ඇඩිලේඩ් හි ද පෙට්‍රල් ලීටරයක් ඩොලර් 1.68ක් දක්වා ඉහළ යනු ඇති.

තවද පර්ත් හි මිළ ගණන් ඩොලර් 1.96ක් දක්වා ඉහළ යනු ඇතැයි වාර්තා බන අතර කැන්බරාහි පෙට්‍රල් ලීටරයක මිල අගය ඩොලර් ශත 1.96ක ස්ථාවර අගයක පවතිනු ඇති බව සදහන්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »