ඔස්ට්‍රේලියාවේ දැනට සරණාගතභාවට ලබා සිටින පුද්ගලයින් සදහා රැකියා ලබා දීමේ අරමුණින් නව පුහුණු සරණාගත සේවක ගිවිසුමක් ස්ථාපිත කර තිබෙනවා.
පුහුණු සරණාගතයින්ට මේ යටතේ ලියාපදංචි වී වෘත්තින් 170වකට වැඩි සංඛ්‍යාවක් සදහා අයදුම් කිරිමේ හැකියාව පවතිනවා.
සරණාගතභාවය ලබා සිටින පුහුණු ශ්‍රමිකයින් 123,000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් මේ සදහා ලියාපදිංචි වී ඇති බවයි වාර්ත වන්නේ.
තවද මෙම ගිවිසුම් ප්‍රකාරව පුරප්පාඩු පවතින ඔස්ට්‍රේලියානු ආයතන වලට අවශ්‍ය පුහුණු වෘත්තිකයින්
(සරණාගත) බදවා ගැනීමේ අවස්ථාව ආයතන හිමිකරුවන්ට හිමිවනවා.
රැකියා සොයා ගැනීමට මෙන්ම පුරප්පාඩු සපුරාලීම යන අංශ දෙක ඔස්සේම මෙම ගිවිසුමට අනුව අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.
රකියාවක් සොයන සරණාගතයින්ට මෙය වාසි සහගත වන අතර මේ සදහා අයදුම් කිරීමට 2025 ජුනි 30 වනදා තෙක් අවස්තාව හිමිවනවා.
පුහුණු සරණාගතයින් අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, දක්ෂ වෙළඳ සේවකයන්, මෘදුකාංග සංවර්ධකයින් මෙන්ම අලෙවි කුසලතා සහිත පුද්ගලයින්ට වැඩි අවස්ථා හිමිවනු ඇති.
මේ යටතේ සරණාගතයින් සහ අවතැන් වූවන් මුහුණ දෙන බාධක වලට විසදුම් හිමිවන අතර දැනට පවතින පුරප්පාඩු පිළිබද විස්තර ස්වදේශ කටයුතු වෙබ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැකි අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි විය හැකියි.
To learn more about this opportunity, visit: