බොක්සිං දිනට සමගාමීව MCG ක්‍රිඩාංගනයේ හි අලෙවිසැල් හි බියර් සහ ආහාර මිල ඉහළ යනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා.
බොක්සිං ඩේ තරගාවලිය නැරඹීම සඳහා MCG වෙත වාර්තාගත ක්‍රිකට් ලෝලීන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි සදහන්.
MCG වෙත පැමිණෙන අයට එදින වැඩි මිලකට ආහාර පාන මිලදී ගැනීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
මිලි ලීටර් 425 draught beer එකක් ඩොලර් 11.50 සිට ඩොලර් 12 දක්වා වැඩි වන අතර Carlton Draught පයින්ට් එකක මිල ඩොලර් 13.50 ක සිට ඩොලර් 15 දක්වා ඉහළ යනු ඇතැයි සදහන්.
Fish & Chips box එකක මිල ඩොලර් 14.90 සිට ඩොලර් 15.50 දක්වා ඉහළ යනු ඇතැයි සදහන් කර තිබෙනවා.
බෝතල් කළ ජලය සහ කොකාකෝලා බෝතල් ද ශත 20කින් ඉහළ ගොස් ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ.
හොට් ඩෝග්, පයි, ජෑම් ඩෝනට්ස් වැනි ජනප්‍රිය අයිතම එකම මිලෙහි පවතිනු ඇති බව සදහන්.
MCG විසින් මෙලෙස ආහාර සහ බියර් මිල ඉහළ දැමීමට හේතුව MCGහි ඉහළ යන පිරිවැය බවයි එහි පාලනාධිකාරිය සදහන් කළේ.
කෙසේ නමුත් බොහෝ රසිකයින් මෙලෙස මිල ඉහළ දැමීම අසාධාරණ ක්‍රියාවක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ.