ඔස්ට්‍රේලියාවේ 19න් පහළ මේස පන්දු කණ්ඩායමට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත හසලි සෙනායා බුද්ධදාසට අවස්ථාව හිමි වුණා.
ඇය 19න් පහළ මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීමේ ඇය මේ වන විට 110වන ස්ථානය හිමිකරගෙන තිබීම ද විශේෂත්වයක්.
සෙනායා දැනට ඔස්ට්‍රේලියාවේ 19න් පහළ මේස පන්දු ක්‍රිඩාවේ Best Player ලෙස කිරුළු පලදා සිටිනවා.
ඊට අදාළ රන් පදක්කම ද ඇය මෙම වසරේ හිමිකරගෙන ඇති බව සදහන්.
ඇය ශ්‍රී ලංකාවේ 8 වන ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය හදාරා පසුව ඔස්ට්‍රේලියාව වෙත පැමිණ තිබෙනවා.
සෙනායා ශ්‍රී ලංකාවේ දි පළමු වසරේ සිට මේස පන්දු ක්‍රීඩාව හදාරා ඇති අතර කුඩා කල සිටම එම ක්‍රීඩාවෙන් දස්කම් දක්වා ඇති බව සදහන්.
ඔස්ට්‍රේලියාවට පැමිණි සෙනායා කැන්බරා හි පැවති ටේබල් ටෙනිස් තරගාවලියක පෙන්වූ දස්කම් අනුව ඇයට ඔස්ට්‍රේලියාවේ ජාතික මේස පන්දු කණ්ඩායමට සුදුසුකම් ලබා තිබෙනවා.
AusLanka Tv සමග සෙනායා කළ සම්පූර්ණ සාකච්ඡාවට නැරබීමට පිවිසෙන්න
https://youtu.be/7Xbio-DxD6c?si=UYgZNxEPeis9QfAp