Search

ඉදිරි වසර ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ට නව බලාපොරොත්තුවක්

ඉදිරි මූල්‍ය වර්ෂයට සමගාමීව සංක්‍රමණ සීමාවන් ඉහළ දැමීම හේතුවෙන් කම්කරු පක්ෂයට එරෙහිව විපක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් විවේචන එල්ල වී තිබෙනවා.

ඒ ෆෙඩරල් රජය විසින් වසර මැද අයවැය ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

එහි දී ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ ශුද්ධ විදේශ සංක්‍රමණ ප්‍රමාණය 340,000 ක් දක්වා ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරෙනවා.

කෙසේ වෙතත් මීට පෙර අනාවැකි පළ කර තිබුණේ ශුද්ධ විදේශ සංක්‍රමණ 260,000 ක් පමණ සිදු වන ඇති බවයි.

මීට පෙර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ඉදිරි මූල්‍ය වර්ෂය තුළ ශුද්ධ විදේශ සංක්‍රමණ ප්‍රමාණය 260,000 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥා දී තිබූ බවයි දැක්වෙන්නේ.

මේ අතර ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට ඩොලර් බිලියන 26.9 ක අයවැය හිඟයක් පවතින බවයි.

මේ අතර කම්කරු පක්ෂය විසින් සිය සංක්‍රමණ ඉලක්කයන් සපුරා ගැනීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන් තුළ විශ්වාසයක් නොමැති බවයි සංක්‍රමණ ඡායා අමාත්‍ය ඩෑන් ටෙහාන් විසින් පෙන්වා දී ඇත්තේ.

මෙවැනි පසුබිමක ස්ථිර සංක්‍රමණ ප්‍රමාණය 185,000 සිට 140,000 දක්වා පහත හෙළන බව විපක්ෂයේ පොරොන්දුව වී ඇතැයි වැඩිදුරටත් සදහන්.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »