Search

ෆෙඩරල් මැති ඇමතිවරුන්ට එල්ල වන ජීවිත තර්ජන ඉහළට

ෆෙඩරල් දේශපාලඥයින් ඉලක්ක කර ගෙන සිදුකරන තර්ජනයන්වල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව නවතම දත්ත වාර්තාවක් මගින් අනාවරණය වී තිබෙනවා.

මෙම දත්ත වාර්තා ඉදිරිපත් කර ඇත්තේ ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය (AFP) විසින් බවයි දැක්වෙන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය (AFP) විසින් පෙන්වා දී ඇත්තේ මෙම මූල්‍ය වර්ෂයේ දී ෆෙඩරල් දේශපාලඥයින් ඉලක්ක කරගෙන සිදුකරන තර්ජනයන් 42% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි.

2023 – 24 මූල්‍ය වර්ෂය තුළ එවැනි සිදුවීම් සම්බන්ධ පැමිණිලි 1009 ක් පමණ ලැබී ඇති බවයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිස් දත්ත වාර්තා හරහා අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් පසුගිය මූල්‍ය වර්ෂය තුළ මේ සම්බන්ධයෙන් ලැබී ඇත්තේ පැමිණිලි 709 ක් පමණක් වීම ද විශේෂත්වයක්.

දේශපාලඥයින් ඉලක්ක කරගෙන සිදුකරන මෙම තර්ජනයන් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරම් බැරෑරුම් ලෙස සලකන බවයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසියේ කමාන්ඩර් ස්ටීවන් ෆ්‍රයි විසින් අවධාරණය කර ඇත්තේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »