පසුගිය මාස 12 ක කාලසීමාව තුළ Medicare අරමුදලින් ඩොලර් මිලියන 140 ක මුදලක් වෛද්‍යවරුන් විසින් ලබාගෙන නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් විසින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ දී රජය විසින් ඇතැම් රෝගීන් පරීක්ෂා කිරීම සදහා වෛද්‍යවරුන් වෙත ගෙවන මුදල් තුන් ගුණයකින් පමණ වැඩි කර ඇති බවයි.
ඒ අනුව ෆෙඩරල් රජය විසින් ඉහළ දැමූ Medicare අරමුදල් ලබාගැනීමේ ක්‍රියාවලිය වෛද්‍යවරුන් වෙත මගහැරී ඇති බවයි පැවසෙන්නේ.
වෛද්‍යවරුන්ට හිමිව තිබූ මෙම දිරි ගැන්වීමේ දීමනා ලබා ගැනීම ඔවුන්ට මඟ හැරී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් සිදු කර හිමිකම් වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසයි ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මෙලෙස වෛද්‍යවරුන්ට අදාළ Medicare ගෙවීම් ලබා ගැනීම මඟ හැරී ඇත්තේ එම ගෙවීමේ ක්‍රමවේදය තුළ පවතින සංකීර්ණ භාවය හේතුවෙන් බවයි දැක්වෙන්නේ.
මේ සම්බන්ධව වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ Medicare ගෙවීම් ලබා ගැනීමේ ක්‍රමවේදය මීට වඩා සරල විය යුතු බවයි.