වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්රය තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් වැළක්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.
ප්‍රාන්ත රජය විසින් මෙම තීරණයට එළඹ ඇත්තේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වන ඉදිකිරීම් සමාගම් සහ වෘත්තීය සමිති අතර පවතින අන්තර් ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණක් හරහා සොයා බැලීමක් සිදුකිරීමෙන් පසුව බවයි දැක්වෙන්නේ.
ඒ අනුව ග්‍රේග් විල්සන් විසින් සිදුකරන ලද මෙම ස්වාධීන සමාලෝචනයේ නිර්දේශයන් වික්ටෝරියා ප්‍රාන්තය රජය විසින් පිළිගෙන තිබීම ද විශේෂත්වයක්.
එම නිර්දේශ යටතේ වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ක්‍රියාත්මක කරන ඉදිකිරීම් ව්‍යාපෘති සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට ද ප්‍රාන්ත රජය විසින් පියවර ගෙන තිබෙන බව ද සදහන්.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉදිරියේදී කම්කරු නීති ශක්තිමත් කිරීම සදහා පියවර ගැනීමට ද නියමිතයි.
වික්ටෝරියා ප්‍රාන්ත ඉදිකිරීම් ක්ෂේත්රය තුළ අපරාධ හා නීති විරෝධී ක්‍රියාකාරකම්වලට තවදුරටත් ඉඩක් නොමැති බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් ප්‍රකාශ කර ඇත්තේ.