
මෙම වර්ෂය සදහා ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් පිළිබදව ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.
Airline Ratings විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබීම ද විශේෂත්වයක්.
ඒ අනුව 2024 වර්ෂය සදහා ලොව ආරක්ෂිතම ගුවන් සේවාව බවට පත් ව ඇත්තේ Air New Zealand ගුවන් සේවයයි.

මෙහිදී ඔස්ට්‍රේලියානු ගුවන් සේවාවන් ද්විත්වයක් වන Qantas සහ Virgin Australia වෙත පිළිවෙලින් එහි දෙවන සහ තෙවන ස්ථාන හිමි ව තිබෙනවා.
ශ්‍රේණිගත කිරීමේ දී Etihad Airways විසින් සිව් වන ස්ථානය දිනා ගනිද්දී Qatar Airways වෙත එහි පස් වන ස්ථානය හිමි ව තිබෙන බවයි දැක්වෙන්නේ.

මෙම ලැයිස්තුවේ හය වන සහ හත් වන ස්ථාන පිළිවෙලින් හිමි වී ඇත්තේ එමිරේට්ස් (Emirates) සහ All Nippon Airways යන ගුවන් සේවාවන් වෙත වීම ද කැපී පෙනෙනවා.
Finnair විසින් එහි අට වන ස්ථානය උරුම කර ගනිද්දී ශ්‍රේණිගත කිරීමේ නව වන ස්ථානය Cathay Pacific Airways විසින් දිනා ගෙන තිබෙන බවයි සදහන් වන්නේ.
කෙසේ වෙතත් 2024 වර්ෂය සදහා ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් අතර දස වන ස්ථානය Alaska Airlines වෙත හිමිව තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.