Search

ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියට සමගාමීව පැවති ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය අද (18) ජය පරාජයකින් තොරව අවසන් වුණා.

බ්‍රිස්බන් හීදී ඉකුත් දා ආරම්භ වූ ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 445 ක් රැස් කර ගැනීමට සමත් ව තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් සිය පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 260 ක් පමණයි.

සිය දෙවන ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7 ක් පමණක් දැවී ලකුණු 89 ක් රැස් කිරීමෙන් පසුව අද දිනයේ සිය ඉනිම අත් හිටුවීමට තීරණය කළා.

කෙසේ වෙතත් අද තරගයේ පස් වන සහ අවසාන දිනය හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ වනවිට ඉන්දීය කණ්ඩායම කිසිවෙකු නොදැවී සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 8 ක් රැස් කරගෙන සිටියා.

වරින් වර බ්‍රිස්බන් වෙත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සතුව තිබූ ජයග්‍රහණය ඔවුන්ට මඟ හැරී ගිය බවයි දැක්වෙන්නේ.

දෙරට අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වන දා (බොක්සිං දිනයේදී) මෙල්බන් හීදී ආරම්භ වීමට නියමිතයි.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »