දෙසැම්බර් 17 වන දින පෝට් විලා සහ ඒ අවට ප්‍රදේශවලට බලපෑ රිච්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසුව වනුවාටු රජය දින 7 ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මාර්ග සහ ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදුවී ඇති අතර නායයෑම් රැසක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
තවද මේ වන විට වටුවාටා හි සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නම් හෝ වනුවාටු හි ස්ථිර පදිංචිකරුවෙකු නම් වහාම ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙවැනි අර්බුදයන් ලියාපදිංචි කල යුතු අංශ වෙත සම්බන්ධ වන මෙන් දන්වා සිටිනවා.
මේ වන විට වටුවාටා හි දුරකතන මාර්ගද අක්‍රිය වී විදුලිය පවා විසන්දි වී ඇති බව සදහන්.
වටුවාටාහි උපකාර අවශ්‍ය ඔස්ට්‍රේලියානුවන්ට කඩිනම් සේවා සැපයීමට ඔස්ට්‍රේලියානු රජය සුදානම් බව නිල ප්‍රකාශයක් සිදු කරමින් ෆෙඩරල් රජය සදහන් කර තිබෙනවා.
හදිසි කොන්සියුලර් සහාය අවශ්‍ය ඔස්ට්‍රේලියානුවන් ඔස්ට්‍රේලියාවේ කොන්සියුලර් හදිසි මධ්‍යස්ථානය
1300 555 135 යන දුරකතන ඔස්සේ සම්බන්ධ වන මෙන් දැනුම් දෙනවා.
ඔස්ට්‍රේලියාවෙන් පිටත අයෙක් නම් +61 2 6261 3305 යන දුරකතන අංකය ඔස්සේ කොන්සියුලර් කාර්යාලය හා සම්බන්ධ වන මෙන් දැනුම් දෙනවා.