Search

ඔබේ Passport එකත් ජලයෙන් හානි වුණා ද? මේ දේවල් කරන්න

විදේශ ගමන් බලපත්‍රය යම් අවස්ථාවක තෙමී හෝ තෙත් ස්වභාවයක් ගන්නේ නම් එය වියලා ගැනීමට කිසිදු අවස්ථාවක මයික්‍රෝවේව්වේ උදුනක් භාවිත නොකරන ලෙස ඔස්ට්‍රේලියා පාස්පෝට් කාර්යාලය විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

බොහෝ ඔස්ට්‍රේලියානුවන් තම විදේශ ගමන් බලපත්‍රය තෙත්ව ඇති විට හැකි ඉක්මනින් වියලීම සඳහා මයික්‍රෝවේව්වේ වෙත යොමුකරන බවට ලද තොරතුරු අනුවයි එම කාර්යාලය විසින් දැනුම් දීමක් කර ඇත්තේ.

විදේශ ගමන් බලපත්‍රය විශේෂිත ද්‍රව්‍ය වලින් සාදා ඇති අතර එය මයික්‍රෝවේව් උදුනේ තැබීම වඩාත් නරක අතට හැරෙනු ඇති බව සදහන්.

ජලයෙන් හානි වූ විදේශ ගමන් බලපත්‍රයක් ඇති නම් එය ඔබ විසින් ප්‍රතිස්ථාපනය කිරීමට පෙර 131 232 යන ක්ෂණික දුරකතන අංකය හා සම්බන්ධව හානියේ ස්වභාව අනුව අදාළ උපදෙස් ලබාගත හැකියි.

ඔස්ට්‍රේලියාවේ දී ඔබේ විදේශ ගමන් බලපත්‍රයට හානි වී ඇත්නම් සහ ඔබට හදිසි විදෙස් ගමනක් යාමට අවශ්‍ය නම් ද 131 232 දුරකතන අංකය හා සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගැනීමේ අවස්ථාව හිමිවනවා.

ජලයෙන් හානිවි ඇති පාස්පෝට් සදහා පමණක් නොව ඕනෑම ආකාරයේ හානිවූ විදේශ ගමන් බලපත්‍රයක් නැවත ඉල්ලුම් කර ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර අන්තර්ජාලය ඔස්සේ හෝ “B 11” ෆෝරමයක් පුරවා ලබා දීමෙන් ද හැකියාව පවතිනවා.

මේ පිළිබද වැසිදුර තොරතුරු ඔස්ට්‍රේලියා පස්පෝට් වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »