Search

Centerlink ප්‍රතිලාභ හිමියන්ට නත්තලට කලින් දැනුම් දීමක්

ඉහළ යන ජීවන වියදම සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානුවන් මෙවර නත්තල සැමරීම වෙනුවෙන් Centerlink දීමනාවන් ලබාගැනීම සදහා විශාල උනන්දුවකින් පසු වනවා.

කෙසේ වෙතත් දෙසැම්බර් 25, 26 සහ ජනවාරි 01 වනදා යන නිවාඩු දිනවලදී Centerlink දීමනා ලබාගැනීමට නොහැකි බවයි පැවසෙන්නේ.

නැවත ආදයම් වාර්තා කිරීමට සදහා Centerlink දීමනා ලබාගැනීම සදහා දීමනා ලාභීන්ට ජනවාරි 2 වනදා සිට අවකාශය හිමි වන බවයි දැක්වෙන්නේ.

මෙම නිවාඩු දිනයන් හේතුවෙන් දීමනාවන් රැසක්ම ලබා ගැනීම සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනයන් මෙන්ම ගෙවීම් හිමිවන දිනයන් ද වෙනස් වී තිබෙනවා.

නිදසුනක් ලෙස දීමනා හිමියෙකුගේ ආදායම් වාර්තා ඉදිරිපත් කරන දිනය දෙසැම්බර් 20 නම් සංශෝධිත දින වකවානුවලට අනුව එම දිනය දෙසැම්බර් 19 ලෙස වෙනස් වී තිබෙන බවයි දැක්වෙන්නේ.

Centerlink විසින් මේ වනවිටත් අදාළ සංශෝධිත දින වකවානු සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

Centerlink වෙබ් අඩවියට පිවිසීම හරහා ඒ සම්බන්ධ සියලු තොරතුරු දීමනා ලාභීන් වෙත ලබාගැනීමේ අවකාශය පවතින බවද සදහන්.

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය උපදේශන මාධ්‍යයෙහි වෙනසක්

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මූල්‍ය උපදෙස් සඳහා සමාජ මාධ්‍ය වෙත යොමු වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »