Search

Vanuatu හි දෙවන වරටත් ප්‍රබල භූ කම්පනයක් මියගිය ගණන ඉහළට

Vanuatu වෙත දෙවන වරටත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

අද අලුයම මෙම භූකම්පනය සිදුව ඇති අතර 14 දෙනෙක් භූමිකම්පාවට හසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ඊයේ ඇති වූ රික්ටර් මාපක 7.3 ක භූමිකම්පාවෙන් පසුව සිදුවූ දරුණුතම භූකම්පනය බව සදහන්.

කෙසේ වෙතත් පළමු භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ කලාපයේ සිටින ඕස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකු පිළිබඳව විදේශ කටයුතු සහ දෙපාර්තමේන්තුව දැනුවත් බව සදහන් කර තිබෙනවා.

රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් රතු කුරුස සංවිධානය අද අලුයම මියගිය සංඛ්‍යාව 14 ක් බව වාර්තා කළා.

සන්නිවේදන සහ අනෙකුත් යටිතල පහසුකම් වලට පුලුල් ලෙස හානි සිදුවීම හේතුවෙන් නිල වාර්තා නිකුත් කිරීමට බාධාවක් වී ඇති අතර දුරකථන සේවාව ක්‍රියා විරහිත වි තිබෙනවා.

වෛද්‍ය ආධාර සහ  ගලවා ගැනීමේ කණ්ඩායමක් ඇතුළුව ඔස්ට්‍රේලියාවේ සිට ආධාර රැගත් පිරිසක් මේ වන විට Vanuatu වෙත ලගාවී ඇති බව සදහන්.

භූමිකම්පාවෙන් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මේ වන විට තුවාල ලබා ඇති බව සදහන්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »